ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් සංශෝධනයට

dolor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2021 / 2022 තරග සමය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු කොන්ත්‍රාත් ගත කර තිබේ.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව මෙවර ක්‍රීඩක වැටුප් පසුගිය කොන්ත්‍රාත්තුවට වඩා 35%කින් පමණ අඩුකර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙවර ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔවුන්ගේ දක්ෂතා පදනම් කරගත් ක්‍රමවේදයක් යටතේය.

එහිදී මූලිකවම 2019 ජනවාරි 01 වැනිදා සිට 2021 ජනවාරි 31 වැනිදා දක්වා කාලය තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 යන තරග රටා තුනේදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.

ඇමෙරිකානු ඩොලර් 25,000 සිට ලක්ෂය දක්වා වූ පරාසය තුළ ඔවුන්ට වාර්ෂික වැටුප් හිමිවන අතර එහිදී ඉහළම ශ්‍රේණියේ වැටුප් හිමි කොන්ත්‍රාත්තුව ධනංජය ද සිල්වාට සහ නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

Related posts