සමාජ මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දුන් භානුකට දඩුවම්

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසර දෙකකට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ඉකුත්දා සමාජ මාධ්‍ය කිහිපයකට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රිකට් සැලසුම් පිළිබද ලබාදුන් මතභේදාත්මක සම්මුඛ සාකච්ඡා හේතුවෙන්.

ඒ හරහා ඔහු 2019 – 2020 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. භානුක රාජපක්‍ෂ ඉදිරි වසර දෙකක කාලය තුළ සිදුවූ වරද හා සමාන වරදක් කළහොත් වසරක ක්‍රිකට් තහනමක් බලපැවැත්වෙනු ඇති.

මෙම අත්හිටවන ලද තරග තහනමට අමතරව භානුක රාපක්‍ෂට අමෙරිකානු ඩොලර් පන් දහසක දඩයක්ද නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Related posts