නවසීලන්තයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

newzeland

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලූ 8කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ (13) සමත් විය.

ඒ අනුව දෙරට අතර කි‍්‍රයාත්මක වූ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ ජය වාර්තා කිරීමට නවසීලන්තයට හැකියාව ලැබිණි.

නවසීලන්තය අවසන් වරට 1999දී එංගලන්තයේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත්වී සිටියේය.

ඒ අනුව අදාළ තරගාවලි ජයත් සමගින් වසර 22කට පසු එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Related posts