පළමු විස්සයි 20න් කොදෙව්වන්ට ලකුණු 25ක ජයක්

kusaljanith

කුසල් ජනිත් පෙරේරා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 25ක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

මේ සමග තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක කොදෙව් කණ්ඩායමට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 4ක් දැවී ලකුණු 196ක් රැස්කළ කොදෙව් ඉනිම හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 19.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171ක් පමණි.

දෙපිල අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය හෙට (6) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

Related posts