ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වූවා. ඒ බටහිර ඉන්දීය කොදෙව් තරගයේදී ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 345 ට එක් හයේ පහරක් හෝ ඇතුලත් නොවීම නිසායි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 345ක් රැස් කරනු ලැබුවා.

කුසල් මෙන්ඩිස් (119) සහ අවිශ්ක ප්‍රනාන්දු (127) ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල සඳහා ලකුණු 239 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය.

කොදෙව් ඉනිම සියලු දෙනා දැවි ලකුණු 184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල කොදෙව් පිලට එරෙහිව තරග දෙකම ජය ලබා සාර්ථක වීමට ප්‍රධාන හේතුව හොඳ පුහුණුකරුවන් රැසකගේ සේවය ලැබීම බව යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පැවසීය.

Related posts