ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.

ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 307 යි. (අවිශ්ක ප්‍රනාන්දු 29, දිමුත් කරුණාරත්න 44, කුසල් පෙරේරා 44, කුසල් මෙන්ඩිස් 55, ඇන්ජලෝ මැතිව්ස් 12, ධනංජය ද සිල්වා 51, තිසර පෙරේරා 38, වනිඳු හසරංග 16, ඉසුරු උදාන 2, ලක්ෂාන් සඳකැන් 0, නුවන් ප්‍රදීප් (නොදැවී) 0, ශෙල්ඩන් කොට්‍රෙල් 1/58, ජේසන් හෝල්ඩර් 2/68, අල්සාරි ජෝසප් 4/65, රොස්ටන් චේස් 1/51, හේඩ්න් වොල්ෂ් 0/20, කිරන් පොලාඩ් 1/36)

බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 301 යි. (ශායි හෝප් 72, සුනිල් ඇම්බ්‍රිස් 60, නිකොලස් පූරන් 50, කිරන් පොලාඩ් 49, ඩැරන් බ්‍රාවෝ 8, ජේසන් හෝල්ඩර් 8, ෆැබියන් ඇලන් 37, හේඩ්න් වොල්ෂ් 2, රොස්ටන් චේස් 0, අල්සාරි ජෝසප් (නොදැවී) 0, ශෙල්ඩන් කොට්‍රෙල් (නොදැවී) 0, නුවන් ප්‍රදීප් 0/22, තිසර පෙරේරා 0/54, ඉසුරු උදාන 1/76, ඇන්ජලෝ මැතිව්ස් 4/59, ලක්ෂාන් සඳකැන් 0/31, වනිඳු හසරංග 1/41, ධනංජය ද සිල්වා 0/13)

Related posts