ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද (01) පැවැත් වේ.

තරඟය ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

අද කණ්ඩායමට බොහෝදුරට ධනංජයද සිල්වා , ඕෂධ ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලේ-ස්ට්‍රීට් හි පැවැත්වුණු එම තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් පෙරේරා ලකුණු 73ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 54ක් රැස් කිරීමට සමත්විය.

Related posts