2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී බටහිර ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155 ක් ලබාගත්තේය. කොදෙව් පිල ඕවර 17 කදී කඩුලු 3 කට ලකුණු 158 ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් 2-0 ක තරගාවලි ජයක් කොදෙව් පිලට හිමිවිය.

Related posts