මින්නේරිය මා තලා වැව වැව් පාමුල කුඹූරක මියගිය වන අලි පැටියෙකුගේ මළසිරුරක් මින්නේරිය රොටවැව ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන ඇත.

ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වන අලි පැටවා මිය ගොස් ඇත්තේ හක්ක පටස් නැමැති පුපුරන ද්‍රව්‍ය කෑමෙන් බවත් රොටවැව කුඹුරු යායෙහි කෙත් ඇලක මියගොස් සිටි වන අලියා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

මෙසේ මිය ගිය  වන අලියා ගැන වනජීවී නිලධාරින්ට දැනුම්වත් කළ ද මෙතෙක් වනජීවී නිලධාරීන් පැමිණ නොමැති බවත්  මේ පිළිබඳව අවධානය අවධානය යොමු කර  අලියා මිය යෑමට හේතුව කුමක්ද යන්න සොයා බලන ලෙසත් ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඊෂා  මුදියන්සේ-පොලොන්නරුව

Similar Posts