ඔබට හැකි නම් ඇයගේ සිහිනය සැබෑ කරන්න

මහනුවර ශ්‍රී පුෂ්පදාන බාලිකා විදුහලේ උසස් පෙළ පන්තියේ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන හල්ඔළුව රණවිරු මාවතේ පදිංචිව සිටින වයස අවුරුදු 19 ක් වන සසංගිකා හිමංශී දැරියගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර ඇත. 

එම සැත්කම සඳහාරුපියල් ලක්ෂ 25 ක මුදලක් වැය වන බවද වෛත්‍යවරයා විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

මහනුවර  පුෂ්පදාන බාලිකා විදුහලේ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබන සසංගිකා හිමංශි දැරිය පසුගිය අගෝස්තු මස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටී.

පාසැලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වන ඇය කැඩේට් කණ්ඩායමද නියෝජනය කර ඇති අතර විවිධ ක්‍රීඩා අංශයෙන්ද ඇය සහජ දස්කම් පෙන්වා තිබේ.

හිමංශිගේ පියා වන ඩී.ජී. ලයනල් මහතා පෞද්ගලික බස්  රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහුට මේ තරම් විශාල මුදලක් සොයා ගැනීම අපහසු බවත්,  තම දැරියගේ සැත්කම සඳහා ආධාරයක් ලබා දෙන ලෙසත් ඔහු  සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

දැරියගේ මව වන ඉන්ද්‍රා මහත්මියද කිසිදු රැකියාවක් නොකරන අතර දැරියගේ එකම සොහොයුරිය ද උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.

මෙම ත්වය  මෙම පවුලට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බැවින් මෙවන් විශාල මුදල් ප්‍රමාණයක්  සොයා ගැනීම අපහසු වී ඇති බැවින්  ඒ සඳහා ජනතාවගේ උපකාර ඔවුහු අපේක්ෂා කරති.

මෙම දැරියගේ මොළයේ  (Ventricular  tumour) සැත්කමක් කළ  ඉතා ඉක්මනින් කළ යුතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 25 ක මුදල් ප්‍රමාණය සොයා  ගැනීම සඳහා තම ඥාතින් හිතවතුන් විශාල වෙහෙසක් දරමින් සිටින බවත් මේ තරම් විශාල මුදලක් ඉක්මනින් සොයා ගැනීම  රියැදුරු රැකියාව කරන තමන්ට නොහැකි බවත් ප්‍රකාශ කරන පියා වන ලයනල් මහතා තම දැරියගේ සැත්කම සඳහා උපකාරයක් කළ හැකි අයගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙයි.

මේ සඳහා සසංගිකා හිමංශි නමින් කටුගස්තොට මහජන බැංකුවේ විවාත කර ඇති අංක, 003-2-001-2-0106704 දරණ ආධාර  මුදල් බැර කරන ලෙස දැරියගේ  පියා ඉල්ලා සිටී.

දැරියගේ  ලිපිනය අංක 193/4,රණවිරු මාවත හල්ඔළුව   මහනුවර වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර 0715 972 207  දරණ පියාගේ  දුරකථන අංකයෙන්  ලබා ගත හැකිය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….