ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ අනුග්‍රහයෙන් ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රමදානයක්

nsb-parisaraya

රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් පවත්වනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ මෙම වර්ෂය තුලදි ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සලසා දිම සදහා ශ්‍රිපාද මාර්ගයේ කොටසක් ශ්‍රමදානයක් මගින් සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගත් බව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර සමන්‍යධිකාරි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩිද සිල්වා මහත්මිය පවස ලදි.

උදුලාඩිද සිල්වා මහත්මිය මේ බව පවසන ලද්දේ 04වන දින ශ්‍රිපාද මාර්ගයේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා කොටස  සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදාන වැඩ සටහන ආරම්භ කරමිනි.

එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු උදුලාඩි සිල්වා මහත්මිය ජාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩ සටහන යටතේ නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා ශ්‍රිපාද මාර්ගය සුද්ධ පවිත්‍ර කිරිමේ ශ්‍රමදානයක් පැවැත්විමට තිරණ කලේ මෙවර ශ්‍රිපාද වන්දනාව ආරම්භ කිරිමත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනා කරුවන්ගේ ගමන් පහසුව සදහායි.

ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සහකාර කළමණාකාරිනි මෙහෙයුම් මධ්‍යම හා වයඹ උදුලාඩි සිල්වා මහත්මියගේ හා එම බැංකුවේ මධ්‍යම ප්‍රාදේශීය කළමණාකාරිනි ගිතානි හපුආරච්චි මහත්මිගේ උපදෙස් මත පරිසරය සුරකිමු ජිවය රකිමු යන තේමාව යටතේ මෙම ශ්‍රමදානය ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ ගිනිගත්හේන ශාඛාව මගින් සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ මධ්‍යම ප්‍රාදේශීයට අයත් බැංකු ශාඛා 34ක කලමණාකරුවන් නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 150 දෙනකු පමන සහාභාගි විය.

මෙම ශ්‍රමදානය ආරම්භ කිරිමට පෙර එම පිරිස රජයට රටට හා ජනතාවට සෙත් පතා මාඋස්සාකැලේ සමන් දේවාලයේදි වීශේෂ පුජාවක්ද පවත්වන ලදි.

ශ්‍රිපාද මාර්ගයේ වෙලද සැල් නවිකරනය කරමින් සිටින අයුරු

මෙවර (2021-2022) ශ්‍රිපාද වන්දනා සමය මේ මස 18වන දිනෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි තම වෙලද කටයුතු කර ගෙන යාම සදහා නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙලද සැල් නවිකරනය කරමින් සිටින අයුරු මේ වන විට දැක ගත හැක.

කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසර දෙකක කාලයක් නිසි ලෙස ශ්‍රිපාද වන්දනා සමය ක්‍රියාත්මක නෙවුන අතර මෙවර ශ්‍රිපාද වන්දනා සමය හෝ නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බව එම වෙලද සැල් නවිකරන කිරිමේ කටයුතුවල යෙදි සිටින කිප දෙනකුම පවසන ලදි.

එම කිප දෙනා වැඩි දුරටත් පවසන ලද්දේ කොවිඩ් හේතුවෙන් පසු ගිය වසර දෙකක කාලය තුල ශ්‍රිපාද වන්දනාවන් සදහා විශාල පිරිසක් නොපැමිනි බවත් එම තත්වයන් මත තම වෙලද කටයුතුද සදහාද දැඩි බල පැමකට ලක්වු බවත්ය.

එහෙත් මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 18වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන බවත් මෙවර වන්දනා සමය හෝ නිසි ලෙස පවත්වාගෙන යාමට හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවත් එම අපේක්ෂාවන් මත තම වෙලද ස්ථාන මෙසේ නවිකරනය කිරිමේ කටයුතු ආරම්භ කිරිමට පියවර ගත් බවද එම පිරිස තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….