තනි ඇටයාගේ ඝාතනයේ සුල මුල ගාල්ලෙන් සොයා ගැනේ ( විශේෂ පිංතූර ද සහිතයි)

ගාල්ල,අම්බලන්ගොඩ.මීටියාගොඩ ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස ප්‍රකට ජනිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” නමැත්තාව ඝාතනය කිරීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සැලසුම් කර ඇතිබව හෙළිවී ඇතිබව පොලිස් පරික්ෂණ වල දී අනාවරණය වී ඇත.

ජනිත් නිශාන්ත නැමැත්තා,ඝාතනය කෙරුණු මනෝජ් මෙන්ඩිස් ගේ කල්ලියේ සාමාජිකයෙක් වන අතර මේ වනවිට බන්ධනාගාරගතව සිටී.මේ අතර “පොඩි ලැසී” ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව ස්වයංක්‍රීය පිස්තෝලයක්, ට්‍රක් රථයක් හා නවීන මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින්  සොයාගෙන ඇත.

මෙම ට්‍රක් රථය හා මෝටර්  රථය යොදාගෙන “මීටියාගොඩ තනි ඇටයා” ඝාතනය කිරිමට පොඩි ලැසී සැලසුම් කර ඇති බව හෙළිවී තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මීටියාගොඩ  තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තොලයක් සොයාගත් අතර, මෙම ඝාතන සැලසුමට යොදා ගැනිම සඳහා ආඳාදොළ ප්‍රදේශයේ  ගඩොල් කපන ස්ථානයක සඟවා තිබු ට්‍රක් රථයක් ද හබරාදුව  ප්‍රදේශයේ ගරාජයක සඟවාතිබු මෝටර්  රථයද සොයාගනු ලැබු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

‍සටහන හා ඡායාරූප – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Related posts