තුන් හිතකවත් අයියා ගෙදර යැවීමේ උවමනාවක් නැහැ

mahindagota

උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී.

පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී හිරිහැරයක් නැති සෞම්‍ය අතහැරීමක් සඳහා විපක්ෂය සමග සාකච්ඡාවට කැමති සහ ලෑස්ති බව අසන්නට ලැබුණි.

එහෙත් අද ඇසෙන්නේ වෙනත් කතාවක් ය. මහින්ද රාජපක්ෂ ශාරීරික දුබලතාවයෙන් වැනෙමින් ප්‍රකාශ කරන්නේ තමන් ඉවත් කළොත් මිසක් නොයන බවය. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ තුන් හිතකවත් මහින්ද අයියා ගෙදර යැවීමේ උවමනාවක් සැළැස්මක් නැති බවය.

මේ කතාවලට අපිට කියන්නට තිබෙන්නේ අපි මුලින්ම යන්නට කියන්නේ ඔබට නිසා ඔබ මුලින්ම ඉවත් වෙන්න කියාය. මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැතිකමේ තියාගන්නවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව තීරණය කරනු ඇත..!

එහෙත් දැන් වෙනකොට පෙනෙන්නේ මේ සියල්ල කාලය ගතකිරීමේ උවමනාවෙන් ක්‍රියාවේ යෙදවූ කූඨ වැඩ බවය. මේ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත්ව යෑමේ කිසිඳු උවමනාවක් නැත. මේ පවුල, තව ටික කාලයක් අල්ලාගෙන සිට ඉදිරිය බැලීමේ තීරණයක ඉන්න බව පෙනේ. එහෙත් මේ අල්ලාගෙන සිටීම විසින් ලංකාව නැමති රාජ්‍ය දිනෙන් දින අස්ථාවරත්වයට සහ ව්‍යාකූලත්වයට, අරාජිකත්වය දෙසට ගෙන යමින් ඇත..! ඒ පිළිබඳව පුරවැසියා වහාම අවධි විය යුතුය.

මේ පවුල ඉක්මන් ක්‍රියාමාර්ග මතින් පන්නා දමන්නේ කෙසේද යන්න ගැන උද්ඝෝෂකයන් ද වෙනස් ව සිතිය යුතුය. මෙය තවතවත් කල් ඇදෙන්න ඇදෙන්න රට විශාල අර්බුදයක, සුව කළ නොහැකි රෝගයක ගිලී යා හැකිය. මෙය තවදුරටත් රාජපක්ෂ පවුලේ ප්‍රශ්නයක් නොව රටේ ප්‍රශ්නයක් ය. එනිසා සොහොයුරන් එකතුව කෑම මේසයේ ගන්නා ලද තීන්දු තීරණ තවදුරටත් වලංගු නැත.

අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

මෙම තත්ත්වය තුළ පුරවැසියාට කුමක් කළ හැකිද? අපට මේ ජනතා නඟිටීම තුළ සිවිල් නීති කඩන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අමාරු නැත. මෙවැනි ව්‍යාපාරයක් වර්තමාන ආර්ථික අර්බුදය තව තවත් දැඩි කරනු ඇතැයි කෙනෙක් තර්ක කළ හැකිය. එහෙත් මට නම් කියන්නට තිබෙන්නේ පැදුරෙන් බිමට වැටුණට ගානක් නැති බවය.

වරිපනම් බදු නොගෙවා සිටීම, ජල බිල් විදුලි බිල් නොගෙවා සිටීමේ සිට මාර්ග නීති උල්ලංඝනය දක්වා විශාල පරාසයක නීති උල්ලංඝනයන් මගින් රාජපක්ෂවරුන්ට විරුද්ධව නව විරෝධතා ක්‍රියාමාර්ග ගත හැකිය. දැන් රටට අවශ්‍යව ඇත්තේ එවැනි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන් ය.

ඊට සමගාමීව වැඩකරන ජනතාවට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍ය නම් මැයි 06 දා ක්‍රියාත්මක කරන්නට සැළසුම්කර තිබෙන හර්තාලය මෙම ක්‍රියාමර්ග සමග ඉදිරියට ගත හැකිය.

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ අරගල ක්‍රියාමාර්ග මේවනවිට රටට විශාල ජයග්‍රහන රැසක් දයාද කර ඇත. දැන් අපි සිටින්නේ සමනැල පෙනෙන මහගිරිදඹේ ය. එනිසා දණිස් ලෙලි ගියත් මේ මහා කන්ද නැඟිය යුතුය. ඒ සඳහා අලුත් ශක්තිමත් කඹ ආධාරක වහාම යොදාගත යුතුය. නව දැනුම නව ක්‍රම මතින් ඉක්මනින් කඳු තරණය අපි හැවෝටම සුබය. නැතිනම් මේ අරගලය සහ ආර්ථික අර්බුදය ලේ ගඟක් මතින් අගාධයට ඇදෙනු ඇත.

ජනමතය..!

ජනමතය ගැන ප්‍රශ්න කරන අයට ඊයේ හොඳ අවස්ථාවක් උදාවිය ඒ පරීක්ෂාවට. නුගේගොඩට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් එන්න යැයි කැඳවීම් කර තිබුණි. එහි පැමිණ සිටියේ කවුරුන්ද? කුමන ප්‍රමානයක් පැමිණ තිබුණිද? අතීත මහින්ද සුළඟ සමග මෙම රැස්වීම සංසන්ඳනය කර බලන්නට දැන් ඔබට පුලුවන් විය යුතුය. හොඳට ගසලා විකාර කියවන විකාර කාරයින් රොත්තක් සමග පළාත් පාලනයේ දේශපාලනය කරන දූෂිතයන් එක පොකුරක් වී නුගේගොඩට එකතුවී සිටියත් එය දාහක් ඉක්මවා තිබුණිදැයි මටනම් සැකය. ගුරු සංගම් මැතිණිය කතාකරන විට අසාසිටින්නන්ගෙන් ආ විරෝධය සිනහා උපදවයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කතාවද ඊට නොදෙවෙනිව අපව සිනහා සයුරේ ගිල්ලවයි. ගාමිණී ලොකුගේ ගේ පහත් ස්වරය කියන්නේ කුමක්ද?

ජනමතය තවදුරටත් තිබෙන්නේ පොහොට්ටුව පැත්තේ නොවෙන බව දැන් හොඳටම පැහැදිලිය. එනිසා රාජපක්ෂ පවුල පන්නා දැමීම සඳහා පාර්ලිමේන්තුව ඉක්මන් ක්‍රියාමාර්ග තේරිය යුතුය. එය එසේ නැතිනම් ජනතාව සිවිල් නීති කඩන ව්‍යාපාරයක් වහාම ආරම්භ කළ යුතුය. එහෙමත් නැතිනම් දීර්ඝ වැඩවර්ජනයක් කැඳවිය යුතුය.

මේ කිසි දෙයක් සිදු නොවුනහොත් මේ උද්ඝෝෂණ සටන් ව්‍යාපාරය ඊළඟ අදියරේ දී ප්‍රචණ්ඩත්වය දෙස පල්ලම් බසිනු නියතය. එය ගම් මට්ටමින් ප්‍රචණ්ඩත්වය සමග ඉදිරියට ඇඳෙනු ඇත. එහිදී එය වළක්වා ගැනීම කළ නොහැකි දෙයක් වෙනු ඇත.

කේ. සංජීව

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….