මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට

arrack arest

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි දින 75ක කාලය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 250 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂන කාර්යාංශයේ නිලධාරින් විසින් පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහාය මත මෙසේ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

විවිධ මතු ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 20ත් 35ත් අතර තරුණ පිරිස් බවත් මෙම තරුණ පිරිස් මෙසේ විවිධ මතු ද්‍රව්‍ය පානයට යොමු විම දැඩි කනගාටුවට කරුනක් බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts