doller-key

ඩලස් ජනාධිපති කීවාම මූන ඇදවෙන, සජිත් ජනාධිපති කීවාම මූන ඇදවෙන හාහාවරුන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රායෝගික වෙමු කියලා. ප්‍රායෝගිකත්වයෙන් තොර පැවැත්මක් මේ වෙලාවේ අපිට නෑ..
මේ වෙලාවේ මේ කෙමනෙන් බේරිලා ඊළඟ මොහොතට පනින්න තියෙන්නේ ඩලස් ජනාධිපති කරලා නම් ඊට හැර වෙන දෙයක් නැතිනම් ඒක කරන්න වෙනවා. ඒක තමයි ප්‍රායෝගික වීම.
මේ වෙලාවේ අපි යෝජනා කරනවා නම් සුමන්තිරන් ජනාධිපති කරන්න මට කියන්න තියෙන්නේ ඒක ප්‍රායෝගික නැති යෝජනාවක් කියන එකයි. සුමන්තිරන් වගේ කෙනෙක් ජනාධිපති වෙනවානම් ඒකට මාත් එකපයින් කැමතියි. හැබැයි මේ මොහොතේ යතාර්ථය ඒක නෙවෙයි. මේ අරගලයෙන් මිනිස්සු පාරට එක පොකුරට ආවා තමයි ඒත් ලංකාවේ මිනිස්සු සුමන්තිරන් පිළිගන්න තරම් දියුණු වෙලා ඇති කියලා මම හිතන්නේ නෑ. එතනට අපි යන්න ඕනී. ඒ ගමන අපිට පටන් ගන්න පුලුවන් වෙන්නේ මේ මොහොතේ ප්‍රායෝගික වුණොත් විතරයි. හැබැයි අපිට මේ මොහොතේ සුමන්තිරන්ට හොඳ අමාත්‍ය ධුරයක් දෙන්න යෝජනා කරන්න පුලුවන්. ඒක ප්‍රායෝගික යෝජනාවක්.
ඒනිසා මේ වැටිලා ඉන්න ළිඳෙන් ගොඩ එන්න වඩා ප්‍රායෝගික වෙමු. මේක ගොඩනගන්න සමාජවාදයෙන් දේවල් ගන්න පුලුවන්නම් ධනවාදයෙන් දේවල් ගන්න පුලුවන්නම් ඒවා ගමු. ප්‍රායෝගික වෙමු. කොරැහෙත් කිඹුල්ලු නොදැක ඉන්න උත්සාහ කරමු..!!

කේ සංජීව

 

Similar Posts