mango

බස්නාහිර පළාතේ අවසන් නගරය වන අලුත්ගම මෙන්ම දකුණු පළාතේ ආරම්භක නගරය වන බෙන්තොට ද එළවළු වෙළඳ සැල් 80% පමණ මේ වන විට වසා දැමීමට සිදුව ඇතැයි වෙළඳුන් පවසයි .

මේ අතර පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසයි.

මැනිං වෙළෙඳපොළේ ඇතැම් කඩවල් වැසීගොස් ඇතැයි උපසේන මහතා පැවසීය.

එමෙන්ම දෛනිකව දිවා හා රාත්‍රී කාල වල ගෘහස්ථ ස්වයං රැකියාවක් ලෙස බත් පාර්සල් අලෙවි කිරීමේ කටයුතුවල නියුතු කාන්තා විවසායකයින් සඳහන් කළේ තමන්ගේ ව්‍යාපාරය ද සහල් එළවළු මාළු මස් වර්ග වල මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් නවතා දැමීමට සිදුවිඇති බවයි.

බෝංචි කිලෝවක් රුපියල් 650, 700, මුරුංගා රුපියල් 700 , කැරට් 550, බීට් 350, 400, ලීක්ස්550, තක්කාලි 550,600 රතු ලූනු 500, බී ළූණු 250, වම්බටු 400, ගෝවා 350, 390, අලු කෙසෙල් 400,500.අමුමිරිස් 450, 500. බෝල කොච්චි 1200.1500.බණ්ඩක්කා 300.පතෝල 350, 400, කරවිල 500, මෑකරල් 450, මාළු මිරිස් 700 කොහිල අල 380 400, වැටකොළු 450 500. ව්‍යංජනයට ගන්නා අමු අඹ කිලෝවක් 250, කෙසෙල්මුව කිලෝවක් 150, 200 දෙහි කිලෝවක් 750, 800වන ලෙස මිල ගනන් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගික ජනතාව ද කියයි .

වෙළඳපොලේ රුපියල් 100 ට අඩුවෙන් මිලදී ගත හැකි එකම එළවළුව වන්නේ වට්ටක්කා පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

Similar Posts