මාළු බෑමේ සොමිය…!

උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු බට කෝට්ටක් නැත්තං කිතුල් අත්තක් හෝ ගෙන කඩෙන් තන්ගුස් නූලක් ද අවශ්‍ය ප්‍රමානයේ කටුවක්ද ගෙන බිලී බිති බැන්ඳෝ ය.

ඉපියාව පොල් ලෙල්ලෙන් ලස්සනට හැදුවෝ ය. ඊට පස්සේ ඉතිං නාරස්සනේ ගෙන ගිහිං පණුවන් අල කොළ ගොටුවකට අල්ලා දැමුවෝ ඊට තෙත පස් සුඟක්ද දමාගෙන ගොස් ගඟ ඉවුරේ හිඳ ගති. ඒක ගති වැඩක් ය. පොඩි කටුවලට හරියටම හරි ගියේ පණුවන් ය.

පණුවන් බිලී කට්ට බඩ අස්සෙන් යවාගෙන ගඟ දිය කිමිඳී මාළුවන්ට මෙසේ කියනු අසා සිටි මාළුන් ගොඩට විත් අපහට මෙසේ පවසනු තවම මතකය. ‘හා පුලුවන්නම් මාව ගිලිපං.. ඌ එහෙමයි කීවේ’

ඉස්සර අපි පණුවන්ගෙන් බාන්නේ බට්ටෝ ය. බට්ටෝ කියා කියන්නේ පෙති යන්ටය. පෙති පැටැව් හිටියේ රංචුවටය. පස්සේ පස්සේ තිලාපි රංචු ගඟ ආක්‍රමණය කළාට පසු අපිට උන්ද බට්ටෝම විය.

අපේ ගේ තිබුණේ ගඟට ලොකු දොළක් වැටෙන දොළ මෝදරක් දිහාට ඇස් අයාගෙනය. ඉතිං මේ දොළ මෝදර දොළ දියේ බැස්ස ගඟේ පතලක් අතහැරි පසු එතන විශාල දියවළක් ය. ඒක අඩි විස්සකට වඩා ගැඹුරුය. උදේට මේ වළට හිරු එබුනාම මාර ලස්සනය. මේ වළ දිහා කණ්ඩියේ වාඩිවී මාළු ටැංකියක් දෙස බලා සිටින සේ බලා සිටින්නට මම පුරුදුවී සිටියෙමි. ඒක මාර ආතල් ය. එහෙම ඉන්න අස විශාල බට්ටෝ රංචුක් දැක උන් ගැන පිළිබඳ සිතක් පහළ වී මායි මගේ ගජයායි හවස මේ කණ්ඩියට ආවේ චූටි කට්ටක් ඇමිණූ බිලී පිත්තක් එක්ක පණු අලකොළ ගොට්ටකුත් අරං ය. ඒත් පළමු පණුවාගෙන්ම අපි ගොඩගියෙමු. පළමු ඇමිණුම් පණුවාට කිසිදු අතුරු ආන්තරාවක් නොකර අපි ඒ පණුවා පෙන්න පෙන්නා බට්ටෝ රංචුවම ගොඩට ගත්තෙමු. ඒක විශ්මිත වැඩක් ය. එදා අහම්බෙන් වගේ පණු රොත්තකගේම ජීවිත බේරී තිබුණේ අලකොළ ගොට්ට තුළය. උන් රෑ ජාමේ ගොටුවෙන් බඩගා ආයෙත් පොළවට යන්න ඇත්තේ බට්ටෝ රංචුවට නොසෑහෙන්න පින් දෙමින් වෙන්න ඇතිය.

මාළු 21ක් පඩ වැලක අමුණා මාළු මල් මාලයක් හදා ගෙදරට ගෙන ගියාට පසු අම්මා අහසින් මාළු පියාඹන හැටි පෙන්නුවා තාම මතකය. අහසින් මාළු පියාඹා ගියත් අපි බිලී බාන එක නතර කළේ නැත.

ලොකු ගොන් මාළුවෙක් ඉන්න අහිනක් දැක්කාම අපි ඒකටම හරියන්න ලොකු කට්ටක් ගෙනත් ශක්තිමත් බිලී පිත්තක් බැන්ඳේ භක්තියෙන් ය. ඊටපස්සේ අලකොළ මඤ්ඤොක්කා කොළ වගේ කොළ බූසියක් මැදට වෙන්නට වැල මදුලක් ඇමිණූ බිලී කට්ට සඟවා ඒක ගඟ දිය උඩ පාකළ අපි ගඟ ඉවුරේ තපස් රැක්කේ, මාළුවා ‘හරි මචෝ මාව ගොඩට ගනින්’ කියලා තන්ගුස ඇද අපිට කතාකරනකම් ය. එහෙම බලා ඉන්න එකත් මරුය. විටක් කටේ එහෙට මෙහෙට දාගෙන ඉපියාව උඩ යට යනවා අපි බලා හිඳින්නේ දඩයම් තුවක්කු කට ඉස්සරහට ඌරෙක් එනකම් තපස් රකිනවා වාගේ ය. එහෙම බාලාගෙන හිඳ මාළු හරි මචෝ කීවාට පසු ඌ ලොකු සද්දන්තයෙක් නම් ගොඩට ගන්නට දහදුකක් විඳින්න වෙනවා ය. නූල කඩාගන්නේ නැතුව මාළුවා ගොඩට ගත යුතුය. එතකොට අපි කරන්නේ ඌට මහංසි වෙනකම් ඔහේ පීනන්න දෙන එකය. ඌය යන අතටම යන්නට ලණුව හීල් කරන එකය. අම්මෝ එහෙම වෙලාවට ගඟේ ඉවුර උඩ දුවන දිවවිල්ල ආයෙත් කියන්නට ඕනෑ නැතිය. සමහර වෙළාවට පිත්ත ගඟට වීසිකර ගඟට පනිනවාය. කොහොමෙන් කොහොමහරි මාළුවා ගඟ ඉවුර අහලටම සූක්ෂමව අරගෙන ඇස්දෙකෙන් අල්ලා ඌ ගොඩට ගන්න අපි දක්ෂය. ඒවා ගඟ අයිනේ තපස් රැකීමෙන් අපි හම්බකරගත් ස්කීල්ස් ය.

එහෙව් ලොකු මාළුවෙක් අත උඩටම ඇවිත් ආයේ පැනලා ගියොත් අපි ඌ එක්ක හොඳටම තරහා වෙනවා ය. ඊටපසු අපි කරන්නේ කොහෙන් හරි ගල් කඩන තැනකින් ඩයිනාවෙක් ගෙනත් නූල සූස් ගා හඬවා පත්තුකර ගලක ගැටගසා ඒ මාළුවා සරණ වළට දාන එකය. එතකොටනම් ඌ බබා වගේ පාවී පහළින් ගොඩට එනවා සත්‍ය ය.

ඉස්සර අපි ගොම්මනට ආඳා මාළු අල්ලන්න ගඟට බහින්නේ කුකුල් බොකු පොල්කට්ටකුත් අරගෙනය. කුකුල් බොකු කීවාට මේකට ගන්නේ කුකුලාගේ හම කෑලිය. ඒක ලස්සනට බිලී කට්ට වැහෙන්න ඔතන්න පුලුවන් ය. අපි ගොන් මාළුවන්ට පිහිනන්නට දුන්නාට ආඳාවන්ට එසේ කිසි චාන්සෙකක් දෙන්නේ නැත. දුන්නොත් බිලී කට්ටට අබ සරණය. ඌ කට්ටත් අරං මොකක් හෝ ගුහාවක් කඳක් අස්සට රිංගුවාට පස්සේ බිලී පිත්තට සොරි ඩොට් කොම් ය. කොළඹදී මට ආඳා මාළු ඉරට්ටෙන් කන ඈයෝ හමුවෙනකොට මට මේ ආඳාවන් ඇල්ලීම මතක් වෙනවා ය. ඒනිසාම ආඳා වාගේ ලිස්සලා යන්නට ඇහැක් ය.

සමහර මාළුන් හුස්ම ගන්න උඩ එනකොට ගඟේ පාවෙන කෑම ජාතිවලට ගහනකොට ඒ සද්දෙන් අපි මාළුවාගේ තරම හඳුනා ගන්නවා ය. විශාල මාළුවෙක් නම් අපි ඒ අහා ගඟ ඉවුරේ සක්මනේ හිඳ ඌ මතුවෙන අයුර බලා හිඳ බිලී කට්ටෙන් ගොඩ ගන්නටම බැරිනම් වෙඩික්කාර උන්නැහේ කෙනෙකුට අයුරුව කීවාම ඌ ඇවිත් උඩට එනකොටම ටක්කෙටම මූනිස්සම බස්සනවා ය. ගොඩක් වෙලාවට වෙඩිකන මාළුවෙක් ය අරා. ඌට අරවානා කියලත් කියනවා මා අසා ඇත.

ඇත්තටම මනුසත්තු වෙන අපිට බිලී බානවා කියන්නේ සතුටක් ය. ඒක එක අතකට ත්‍රාසය පිරි ක්‍රීඩාවක් ය. සොමිය සතුට ගේන මේ විනෝදාංශය අපි අතහැර දමා තිබෙන්නේ ථේරවාදය නිසා ය. පානාතිපාතා වේරමණී සිඛ්ඛා පදන් සමාදන් වුණාට මම නම් දිගටම මාළු බෑමක් සෙට් වුණොත් අතාරින්නේ නැතිය. ඒක මටනම් ඒතරම්ම සතුටක් ය. සැනසීමක් ය. මාලුවෙක් අල්ලාගන්නවා කියන්නේ බුදුන් දැක නිවන් දකිනවා වගේ වැඩක් ය..!

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….