බිම්මල් වගාව ජය ගත් දිරිය කත

ස්වයං රැකියාවක් ලෙස බිම්මල් වගා මලු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති ජයන්ති සිල්වා මහත්මිය එම ව්‍යාපෘතිය තුලින් තවත් කිප දෙනකුටම රැකියා ලබා දිමටද පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලිමට එහි ගිය අවස්ථාවේදි එම ව්‍යාපෘතිය පිලිබදව අදහස් දැක්වු ජයන්ති සිල්වා මහත්මිය පවසන ලද්දේ ගම සමග පිලිසදර වැඩ සටහන යටතේ සමුර්ධිය හා ගොවි ජන සේවා ආයතනය යටතේ ලද උපකාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට හැකිවු බවත්ය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා රජය මගින් රුපියල් ලක්ෂ 05ක් පමන වටිනා යන්ත්‍ර නොමිලේ ලබා දුන් බවත් එම තත්වයන් මත මෙම බිම්මල් වගා මලු ව්‍යාපෘත්තිය ආරම්භ කිරිමට පියවර ගත් බවත්ය.

මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට මසකට රුපියල් හතලිස් දහාසක පමන ආදායමක් ලබන බවත් සේවකයන් තිදෙනකු මේ වන විට මෙහි ස්ථිර සේවකයන් ලෙස සේවය කරන බවත් තම ප්‍රදේශයේ විශාල පිරිසක් මේ වන විට බිම් මල් වගාව සදහා යොමුවි ඇති බවත්ය.

බිම් මල් වගා මලු ව්‍යාපෘතිය කර ගෙන යාමේදි අමු ද්‍රව්‍ය හිගයක් මේ වන විට පවතින බවත් වීශේෂයෙන් ලීකුඩු මෙම ප්‍රදේශයේ නොමැති විම හේතුවෙන් එම ලීකුඩු උලපනේ සිට රැගෙන ඒමේදි විශාල මුදලක් වැය විම දැඩි ප්‍රශ්නයක් බවද ජයන්ති මහත්මිය පවසන ලදි.

හැටන් කුඩාගම ගම්මානය බිම් මල් ගම්මානයක් කිරිම තම අරමුණ බවත් ඒ තුලින් මෙම ගම්මානයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවිමට හැකි බවත් ඒ සදහා ප්‍රදේශයේ පිරිස් මේ වන විටත් දැනුවත් කිරිම හේතුවෙන් ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක් මේ වන විටද බිම් මල් වගාව ආරම්භ කර ඇති බවද ඇය පැවසිය.

මේ වන විට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යනු ලබන්නේ ඥතියකුට අයත් ඉඩම් කොටසක බවත් මෙම ව්‍යාපෘතිය කර ගෙන යාම සදහා තමන්ට ඉඩම් කොටසක් ලබා දිමට පියවර ගන්නේ නම් මෙම ව්‍යාපෘතිය වැඩි දියුනු කර ගෙන ප්‍රදේශයේ තවත් පිරිසකට රැකියා ලබා දිමටත් ඒ තුලින් එම පවුල්වල ආර්ථිකය නගා සිටුවිය හැකි බවද ජයන්ති මහත්මිය පැවසිය.

එමෙන්ම ඉදිරියේදි බිම් මල් සොසේජස්, බිම් මල් සුප්, බිම් මල් සම්බෝලය, බිම් මල් මෝජුව, ආදිය නිස්පාදන කිරිමට කටයුතු කරන බවත් මිල්කි වයිට් බිම් මල් යනුවෙන් විදෙස් වෙළද පලට බිම් මල් නිස්පාදන යැවිමට බලා පොරෝත්තු වන බවද ජයන්ති මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….