හැටන් නල්ලතන්නිය නව බස් සේවාවක්

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝ අධිකාරි ජානක කුමාර මහතාගේ උපදෙස් මත හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

ඒ අනුව කොළඹ කොටුව හා බදුල්ලේ සිට හැටන් දුම්රිය ස්ථානයට දුම්රියන් පැමිනෙන වේලාවන් අනුව හැටන් සිට නල්ලතන්නිය දක්වාත් නල්ලතන්නිය සිට හැටන් දක්වාත් ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් දුම්රිය ස්ථානය නල්ලතන්නිය අතර මෙම බස් සේවාවන් යොදවන බවත්ය.

එමෙන්ම කොළඹ, මහනුවර, කතරගම නල්ලතන්නිය අතරද බස් සේවාවන් යොදවා ඇති බවත් මඩකලපුව හා යාපනය ප්‍රදේශවල සිට හැටන් නගරයට බස් රථ පැමිනෙන වෙලාවන්ට හා එම පලාත්වලට එම බස් රථ පිටත්වන වේලාවන් සදහාද හැටන් නල්ලතන්නිය අතර බස් රථ යෙදවිමටද පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

දැනට හැටන් නල්ලතන්නිය අතර ධාවනය වන බස් රථවලට අමතරව  මෙම සියලු බස් රථ සේවාවන් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රිපාද වන්දනාකරුවන් වැඩි වන අවස්ථාවලදි මෙම බස් රථවලට අමතරව හැටන් නල්ලතන්නිය අතර අතිරේක බස් රථ යෙදවිමටද පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts