ගංජා ලීගලයිස් විය

sinhala wal katha new

ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන “ප්‍රගතිශීලී” වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් – “ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ,  ආතල් එකට ගංජ ගහන්න නම් මාත් කැමතියි” වගේ එකක් ඒක.

ඇත්ත, ගංජා ලීගලයිස් වුණා කියල ඒකෙන් තියෙන ණය ඔක්කොම ගෙවල දාලා පළවෙනි ලෝකෙ රටක් වෙන්න පුළුවන් වගේ කතා නම් බයිලා තමයි. කොහොමත් ලංකාවෙ උන්ගෙ ඇටිටියුඩ් එක්ක ගංජා නෙවෙයි, පොළොවෙන් රත්තරං මතුවෙන්න ගත්තත් මේක පළවෙනි ලෝකෙ රටක් කරන්න බෑ.

අපට කරන්න පුළුවන් උපරිම මට්ටම තමයි පෝලිම්වල  ලගින්නෙ නැතුව, ෂේප් එකේ කාලාබීලා, ෆෝන් එකක්, ලැප්ටොප් එකක් පාවිච්චි කරගෙන ලෝක සිතියමෙන් අයින්කරන මට්ටමට නොවැටී රෝලක් දාගෙන ඉන්න එක.

ඒකෙදි තේ, ගාමන්ට් වගේ කර්මාන්තවලින් ආර්ථිකයට එන දායකත්වය වගේ යම් මට්ටමක එකක් කංසාවලිනුත් ලැබෙයි. ලෝකෙට ණය වෙලා, ඒව ගෙවාගන්න බැරුව, බංකොලොත් මට්ටමට ආසන්නයෙ කන්නත් නැතුව හිඟමනට වැටිල ඉන්න වෙලාවෙ ඒකත් මදිද?

ආර්ථික අර්බුදය පොඩ්ඩක් හරි අඩු වුණොත් බලය කටට වැටෙනකල් බලං ඉන්න තමන්ගෙ පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට කෙළවෙයි කියන බයට අමතරව, මම හිතන්නෙ ලංකාවෙ උන්ට පොදුවේ තියෙන ‘මුස්පේන්තු’ ඇටිටියුඩ් එකත් ඕකෙන් පේනවා.

බුලත් විට කඩයක් කරල මිලියනයර් කෙනෙක් වෙන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි “මේක මේ කීයක් හරි හොයාගන්න කරන වැඩක් නෙ, බුලත් විටට මොන කැටයම් ද” කියල ඔන්න ඔහේ කරල දාන එකෙකුට වඩා, තමන්ගෙ බුලත් විටේ වුණත් අනිත්වට වඩා හොඳට හදන්නෙ කොහොමද, තව මොනවද ඒකට ඇඩ්කරන්න පුළුවන් වගේ පැෂනේට්ලි ඒක කරන එකෙක්ගෙන් තමයි ඌට වගේම ලෝකෙටත් වැඩක් තියෙන්නෙ.

හැබැයි ලංකාවෙ පොදුවේ තියෙන ඇටිටියුඩ් එක තමයි (මමත් ඇතුළු ව) “කීයක් හරි හොයාගන්න නෙ මේක කරන්නෙ, ඔන්න ඔහෙ මොකක් හරි ගහල දාමු” කියන එක. කලාතුරකින් හරි අර වගේ හෙන පැෂනේට් එකෙක් හිටියොත් (සහ ඌ ඒක අනිත් මිනිස්සු ඉස්සරහ ඩවුන්ප්ලේ කරන්න දන්නෙ නැත්තං) අනිත් උන් හිතන්නෙ උට මොකක් හරි අවුලක් තියෙනව කියල.

චන්දන ප්‍රසන්න

aithiya

Related posts