යුද්ධය නිමාවුණාට පස්සේ තලෙයිමන්නාරමට ආපු සංවර්ධනයේ මහිමය

facebook login or sign up

හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගියදා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න.

ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත නටඹුන් අත්දෙකට අරං බලන් ඉන්න පියර් එකට බැඳුන ආදරය නිසාම ගමන රබර් කරලා තලෙයිමන්නාරමට ආවා. ඒත් හිතපු නැති ඇබැද්දියක්..!

නවාතැනක් හොයාගන්න විදිහක් නෑ.. තිබුණ ඒවත් කිසි කමක්කාරියක් නෑ. අන්තිමට අපි තලෙයිමන්නාරම අමතක කරලා පේසාලෙයි පැත්තට එන්න තීරණය කළා. ඒ අතරේ අපි පියර් එකට යාව තියෙන මිතුරෙකුගේ ගෙයක් හෙව්වා. හලෝ කියලා යන්න. මිතුරා විශාල ප්‍රශ්නයක. අපි ගේ පේන මානයට ඇවිත් ගෙදරට නොයා ඔහු හා කතා කළා. ඇත්තටම අපි ඔහුගේ දුක අහගෙන හිටියා.

යාලුවාගේ ගෙදර ජලයෙන් යටවෙලා. කතාවේ හැටියට මේ යටවීමට මාස දෙකට වැඩී. මහා වැස්සට පහත්බිමට එකතුවුණ වතුර තවමත් බැහැලා ගිහිං නෑ. ගෙවල් යටකරගත්‍ත වැහි වතුර පෙඳ පාසි වවාගෙන ඔහේ බලන් ඉන්නවා.. අපායක් වගේ කියලා තමයි මට නම් හිතුනේ.

කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ? දකුණේ ඉඳලා උතුරට ආපු අපේ පළවෙනි ප්‍රශ්නය..

‘මොනවා කරන්නද? වතුර බැහැලා යන්නේ නෑ. පාර හදනකොට වතුර බැහැලා යන තැන් වැහිලා. ගොඩක් තැන්වල ඒකයි හේතුව’

යුද්ධය නිමාවුණාට පස්සේ තලෙයිමන්නාරමට ආපු සංවර්ධනයේ මහිමය තමයි මේක. මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නයට අපිට මොනාද කරන්න පුලුවන් කියලා හිතමින් අපි පේසාලේ පැත්තට ආවා. ඒ එනකොට ගොඩාක් තැන්වල ගංවතුර වටකරලා දූපත් කරපු ගෙවල් ඕසෙට දැක්කා. බූරුවෝ කාපට් පාරට ගොඩවෙලා වතුරට යටවෙලා ඉන්න මිනිස්සුන්ට නක්කලේට වගේ හිනා වෙනවා. උබලා අපිටත් වඩා බූරුවෝ නේද? කියලා උන් අපෙන් අහනවා කියලයි මටනම් හිතුනේ.

පේසාලේ අපි නවතින්න ආපු හෝටලය වටේටත් තවමත් වතුර. ගංවතුර නැතිනම් වැහිවතුර එකතුවීම නිසා වහලා දාපු හෝටලය මාස දෙකක් වැඩී තවමත් වහලා.

මේ වතුර බස්සන්න ප්‍රාදේශීය සභාව මොකවත් කරන්නේ නෑද? මම අපිට මුණගැහුන බොහෝ දෙනෙකුගෙන් ඇහුවා. ගොඩක් දෙනෙක් කිව්වේ බළධාරීන්ට මේක පේන්නේ නෑ කියලා. තලෙයිමන්නාරම කියලා කියන්නේ හුණුගල් මත ඉදිවුණ නගරයක්. මන්නාරම් දූපතම එහෙමයි. ඉතිං වැහිවතුර එකතුවුණාම ඒක පොළවට උරාගන්න ටිකක් කල් යනවා. ඒත් අද තියෙන තාක්ෂණය අනුව බලධාරීන් හිතනවා නම් මේ එකතුවෙන ජලය මුහුදට බස්සන්න ක්‍රමයක් හදාගන්න, අමාරු නෑ. ඒත් මෙහේ ප්‍රාදේශීය දේශපාලකයින්ට හෝ රාජ්‍ය නිළධාරීන්ට ඒගැන වගේ වගක් නෑ.

ඉතිං මේ මිනිස්සු ගෙවල් යටකරගෙන පෙඳපාසි අලවගෙන හිනාවෙන වැහිවතුර, ගේ අස්සට දාගෙන අපා දුක් විඳිනවා. වන්කාලෙයිපාඬු, පේසාලේ, නඩුක්කුඩා, තලෙයිමන්නාරම, තලෙයි මාන්නාරම, පියරය මේ හැමතැනකම මිනිස්සු මේ වැහි වතුර එකතුවීම නිසා විශාල විදිහට දුකට වේදනාවට පත්වෙලා. ඒත් බළධාරීන් තවමත් නිදී.

කේ. සංජීව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….