අංක තහඩුවට අනුව ඉන්ධන ලබාදීමේ යෝජනාව කඩිනම් කරයි

oil

ප්‍රමුඛතාව මත ඉන්ධන හිමිවන වෘත්තීන් ඇර සෙසු රථ වාහන සඳහා අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව සතියකට දෙවරක් ඉන්ධන ලබාදීමේ යෝජනාව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.

ලබන 23 සහ 24 යන දිනවල පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එය අදාල දිනයන්හි ස්ථීර වශයෙන්ම මෙරටට පැමිණෙනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

ඒ සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන විට විවෘත කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අදාල නෞකා මෙරටට ලබා වූ පසු අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ මූලික එකඟතාව පලව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Related posts