අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට ඒරෙහිව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිපියක් මත අතරමග නවතා දමා තිබේ.

මෙම උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා අත ලිපියක් ඒවමින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි.

මේ අතර කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ අත්සන් කිරීමට නියමිතව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉදිරි ජනාධිපතිවරණය නිමවන තෙක් අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගෙන ඇති බවත් පැවසූ ඇමැතිවරයා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසීය.

 

Related posts