අද සිට ආපනශාලාත් වැසෙයි

apanasala

රට තුළ පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම අද (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවයි.

ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව ද ඔහු සදහන් කරයි.

Related posts