අද සිට සහල් අඩු මිලට

pmd-rice

වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB සහල් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කිරීම අද (27) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනයට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින්.

ඒ අනුව කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු අලෙවි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් හරහා මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

Related posts