අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර වෙයි

ප්‍රමාණවත් ලෙස ඩීසල් නො ලැබුන හොත් අනිද්දා සිට දිවයින පුරා පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඩීසල් නොමැති වීම හේතුවෙන් අද දිනයේත් ධාවනය කෙරෙන්නේ සමස්ත පෞද්ගලික බස් රථ සංඛ්‍යාවෙන් සියයට 20ක් බව යි.

පවතින තත්ත්වය හමුවේ ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීමද මේ වනවිට අත්හිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

Related posts