ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතය.
එම නෞකාවේ ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගෙන එනු ලබන අතර මෙහි අඩංගු ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.