ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්

power

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි විසිලක්ෂයක පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහුගෙන් එම මුදල වහාම අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඒ උදවියට රජයේ මුදල් සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතු බව හෙකටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts