උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ

දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කරන ලදී. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙයි.

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැහැ. ඉකුත් 9 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහායි මෙලෙස ඇදිරි නීතිය පනවා ඇත්තේ.

මේ අතර එම සිද්ධීන්ට සම්බන්ධ සියළු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සියලු පාර්ශවවලට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ ප්‍රකාශ කරන ලදි.

Related posts