එළවළු මිල ඉහළට අලෙවිය පහළට

elawalu

ඉන්ධන ප්‍රශ්න මත ප්‍රවාහන සේවාවන් අඩාල විමත් සමග හැටන් නගරයේ එළවළු මිල තව දුරටත් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට හැටන් නගරයේ එළවළු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන නගරයේ එළවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ රට තුල පවතින ඉන්ධන ප්‍රශ්න මත පිටස්තර ප්‍රදේශවලින් පැමිනෙන එළවළු ‍ලොරි සීමිත විමත් සමග ලැබෙන එළවළු තොග මිලද ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවත්ය.

එළවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග එළවළු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති එම තත්වයන් මත තමන්ද දැඩි අසීරු තත්වයන්ට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts