කඩවත 9 කණුව අසල දි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

shooting

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 9 කණුව අසල දි වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රී වෙඩි තැබීම සිදුකර ඇති බවය.

කඩවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts