කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න මුලික අයිතිවාසිකම් පෙත්සමක්

marga

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට  මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි ෂෙනාල් ජයසේකර සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොටුව සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නිතිපතිවරයා ය.

Related posts