ත්‍රිරෝධ රථ රියදුරන් ක්‍රිලෝ මිටරයකට රුපියල් 150ක් අයකරයි

thrweel

ඉන්දන මිල ඉහල යාමත් සමග හැටන් නගරයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් හිතු හිතු ගනන් අය කිරිමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් නගරයේ ධාවනය කරවන සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ඉන්දන මිල ඉහල යාම උපයෝගි කර ගෙන හිතු හිතු ලෙස ගාස්තු අයකිරිම් සිදු කරන බවත්ය.

මෙම ප්‍රදේශයේ සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ක්‍රිලෝ මිටරයක දුරක් යාම සදහා රුපියල් 150ක් වැනි මුදලක් අයකරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා

Related posts