ත්‍රිරෝද රථයක් කරණම් ගසයි – අයෙකු මරුට

death

හැටන් සිට දික්ඔය වතු මාර්ගයක අධික වේගයෙන් ධාවනයවු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එක් අයකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.

මෙම ත්‍රිරෝද රථයේ රියදුරු සමග තිදෙනකු ගමන් කර ඇති බවත් එම ත්‍රිරෝද රථය පෙරලිමෙන් තුවාල ලැබු තුවාලකරුවන් දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට රැගෙන යන අවස්ථාවේ එක් අයකු මිය ගොස් ඇති බවත් හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

එම අනතුරින් දික්ඔය මාණික්ක වත්ත පදිංචි අවුරුදු 62ක් පමන වයැසැති කේ. සුන්දර් යන අය මිය ගොස් ඇති බවත් බරපත තුවාල ලැබු අනික් පිරිස ප්‍රතිකාර සදහා දික්ඔය  දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇති බවද එම නිළධාරියා පවසන ලදි.

මෙම ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවිම හේතුවෙන් එහි රියදුරුට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මුලීක පරික්ෂණවලින් හෙලිව ඇති බවත් මෙම අනතුර පිළිබදව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts