තෙල් පෝලිමේදි සොයා ගත් නවතම දේ

oil

ඉන්ධනහල් ඉදිරිපිට තෙල් පෝලිම්වල දින ගණනාවක් නිදිවර්ජිතව සිටින අයට උත්තේජකයක් ලෙස ලබාදීමට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය තුනක් ගමන් මල්ලක බහා රැගෙන යමින් සිටි අයෙකු ඊයේ (26) රාත්‍රියේ ගොනපිනුවල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සන්තකයේ තිබී ගංජා ,හෙරොයින් හා අයිස් යන මත්ද්‍රව්‍ය තුනම අත්අඩංගුවට ගත් බවයි.

රුපියල් ලක්ෂ පහලවක් පමණ වෙළෙඳ වටිනාකමක් ඇති ගංජා කිලෝග්‍රෑම් 1.660,හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 7.600ක් හා අයිස් ග්‍රෑම් 6.300 ක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

Related posts