‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ

daruwa

ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප‍්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ.

හෙම්මාතගම සියඹලාව ප‍්‍රදේශයේ පදිංචි බී.එම්.සුසන්ත කුමාර නම් වන මොහු වෘත්තියෙන් පෙදරේරුවෙකි. වයස අවුරුදු 7 ක් වයසැති දරුවෙක් සහ අවුරුදු 13 ක් වයසැති පිරිමි දරුවකු ඔහුට සිටින අතර බිරිඳ රැකියාවක් නොකරන බව ඔහු පවසයි.

රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ සිමෙන්ති මිල ඉහළ යෑමත් සමග තමන්ගේ වෘත්තිය මෙ වන විට නැවතී ඇති බව හඩා වැටෙමින් ඔහු පැවසූවේය.

එම අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් මෙන්ම සියලූ ජනතාව ජාති භේදයකින් තොරව මෙම දෙදෙරු පියාට අවශ්‍ය ආහාර පාන, එළවළු යනආදිය ලබා දීමට අවශ්‍ය මුදල් සිය කැමැත්තෙන්ම එහි සිටි බොහෝ පිරිසක් ලබා දීමට කටයුතු කර අතර අවසානයේ එම පුද්ගලයා විසින් තමාට උපකාර කරන ලද පොලිසියේ නිලධාරීන්ට මෙන්ම දායකත්වය ලබා දුන් සියලූ ජනතාවට ඉතා සංවේදී වෙමින් සිය ස්තුතිය පුද කරමින් පිං ලබා දුන්නේ මිනිස් කම හදුනන මිනිසුන් හෙම්මාතගම ඇති බව කියා දෙමින්ය.

හෙම්මාතගම පොලිසියේ එම අවස්ථාවට සහභාගි වු ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් රණසිංහ, පොලිස් පරික්ෂ සරත් විරසිංහ, රථ වාහාන පරික්ෂක හේමන්ත මහතා ඇතුලූ නිලධාරීන් මෙම දෙදෙරු පියාට උපකාර කරන ලද ජනතාවගේ ක‍්‍රියාව අගය කර යුතු උපකාර කර සියලූ දෙනාටම සතුටු විය හැකි අවස්ථාවක් වන බව කියා සිටියේය.

Related posts