දුමින්ද සිල්වා අත්අඩංගුවට

duminda

ජනාධිපති සමාවෙන් මරණ දඩුවමෙන් නිදහස් ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අධිකරණ නියෝග මත ඊයේ  ශ්‍රී ජයවර්ධන රෝහලේ ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනුකර තිබුණි.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ජනාධිපති සමාව අත්හිටුවීමේ නියෝගය නිකුත් කරන ලදි.

Related posts