ධම්මික වැඩ අල්ලයි – ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරන රනිල් ඉල්ලා අස් විය යුතුයි

ranil

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අද (06) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට ද අමාත්‍ය ධම්මික පෙරේරා මහතා විසින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට මහතාට අභියෝග කළේ ය.

“රටට අවශ්‍ය මුදල් ගලාගෙන ඒමේ කිසිදු වැඩපිළිවලක් මුදල් අමාත්‍යවරයා සතු නොවන බවත්, ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, හදිසි ණය ලබා ගැනීම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ණය ලබා ගැනීම සම්බන්ධ සියලු කරුණු මුදල් ඇමැතිවරයා ප්‍රමාද කළ බව පැවසූ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, මේ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද කියා සිටියා.

මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයින් බවට කියා ගන්නා පිරිසක් සිටින බවත් තමන් ඔවුන් සමග ප්‍රසිද්ධ විවාදයකට ද සුදානම් බව මෙහිදී කියා සිටියා.

Related posts