පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාදයි

ship

මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාව පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

නෞකාව පැමිණෙන දිනය පසුව දැනුම් දෙන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අදාළ පෙට්‍රල් නෞකාව ප්‍රමාදවීම සහ නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බව බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts