බිම්බෝම්බ සෙවූ වීර මූසිකයා මියයයි

කාම්බෝජයේ බිම්බෝම්බ සෙවීමෙහි නිරත වීමෙන් සම්මානයට ද පාත්‍ර වූ මගාවා නම් මූසිකයා ඉකුත් සති අන්තයේ මියගිය බව එම සත්ත්වයා පුහුණුකළ APOPO සංවිධානය නිවේදනය කළේ ය.

මියයනවිට අටවන වියෙහි පසුවූ මගාවා උපන්නේ ටැන්සානියාවේ ය. 2016 දී කාම්බෝජයට ගෙනෙන ලද මගාවා පසුගිය වසරේ ජූනි මාසයේදී සිය කටයුතුවලින් විශ්‍රාම ගන්වන ලද්දේ ය.

මේ කාළය තුළ ඔහු බිම්බෝම්බ සියයකට වඩා සොයාගෙන ඇත. මගාවා වෙත 2020 දී බ්‍රිතාන්‍යයේ People’s Dispensary for Sick Animals ආයතනය විසින් ජීවිත ගලවාගැනීමට හා රාජකාරියට ඇති කැපවීම උදෙසා රන් පදක්කමක් ද ප්‍රදානය කර තිබේ.

Related posts