බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ.

සංගමයේ සභාපති වෛද්‍යාචාර්ය එස්.පී අධිකාරිගේ මහතා සංදේශය බාරදීම සඳහා හෙළ වෙදකමට ප්‍රසිද්ධව සිටි බුද්ධදාස රජතුමා සේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයකි.

මේ සංදේශය කතානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු නිලධාරියෙක් පැමිණ බාරගත්තේය.

Related posts