බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ

lanka gossip

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි.

ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Related posts