යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්

ukren

යුක්‍රේනය  නිවේදනය කළේ රුසියානු ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි.

රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි.

එමෙන්ම යුක්‍රේන හමුදා ශක්තිමත්ව සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

Related posts