රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි.

1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය.

ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ.

අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.

Related posts