රුසියානුවන් “ransomware” ප්‍රහාරයකට සැරසෙයි

ransomeware

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ දැඩි අවිනිශ්චිත බවකි.

රුසියාවට එරෙහිව අනෙක් රටවල්, අමෙරිකාව විසින් මෙහෙයවමින් සිටින බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම මෙම ගැටුම සයිබර් අවකාශයට ගෙනයෑමට රුසියාවට ඇති හැකියාව අමෙරිකාව බැහැර නොකරයි.

එබැවින් “ransomware” ප්‍රහාර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුක් ප්‍රධාන ආයතන වෙත දැනුම්දීමට අමෙරිකානු බලධාරීන් දැනටමත් ක්‍රියාකර තිබේ.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාර එල්ල කිරීමට රුසියානුවන් ට ඇති හැකියාව කිසිවෙක් සුළුවට නොගනී.

Related posts