රුසියාවේ මීළඟ ආක්‍රමණය ලංකාව වෙන්න පුළුවන්

putin-virodatha

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව සිදු කළ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ වෙසෙන යුක්රේන ජාතිකයෝ පිරිසක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.

ඔවුන් සදහන් කළේ ජාත්‍යන්තර ප්‍රජාව හැකි ඉක්මනින් මැදිහත් වී රුසියානු ආක්‍රමණය නතර කිරීමට කාලය එළඹ ඇති බවයි.

යුරෝපා සංගමය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මුළු ලෝකයම තම රටට උදව් කළ යුතු බවත් එහිදී යුක්රේන ජාතිකයන් කියා සිටියහ.

‘පුටින් පිස්සු මිනිසෙක් බවත් ඔහු සියලු දෙනාම මරා දමනු ඇති’ විරෝධතානරුවන් බවත් එහිදී පැවසූහ.

 

Related posts