වාහන ගෙන්වූ ඇමතිවරුන්ගේ නම් ඇතුළත් වාර්තාවක් ඉල්ලියි

යහපාලන රජය මගින් විශාල මුදලක් වියදම් කර ඇමැතිවරුන්ට වාහන ගෙන්වූවන්ගේ නම් ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි.

යහපාලන රජයේ අමාත්‍යවරුන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මගින් එලෙස වාහන ගෙන්වීමට සම්බන්ධ නොවූ අමාත්‍යවරුන් හටද චෝදනා එල්ලවී ඇති බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts