විදේශ සංචිත ඇත්තේ එක් දිනක් සදහා අවශ්‍ය ආනයන වියදමට පමණයි

dolor

අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඩොලර් මිලියන පනහක් යනු එක් දිනක සදහා අවශ්‍ය ආනයන වියදමට සමාන මුදලකි.

රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය.

එවන් වගකීමක් බාරගත හැකි පුද්ගලයෙකු වෙනුවෙන් තම මන්ත්‍රීධූරයත් ඇමති ධුරයත් පරිත්‍යාගය ගෙදර යාමට තමන් සූදානම් බවද හෙතෙම සදහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට රට තුළ ඇති ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත්තොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද හෙතෙම කියා සිටී.

Related posts