සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර

කොවිඩ් සමග ලොකය පුරා රටවල් විවිධ ප්‍රිඩාවන්ට ලක් වුවත් අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජිවත්වන සමෘද්ධිලාභින්ට ලබා දෙන සහනාධාර මුදල වැඩි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. රමේෂ්වරන් මහතා පවසයි.

රමේෂ්වරන් මහතා මේ බව පවසන ලද්දේ හැටන් නගර ශාලාවේදි පැවති රජය මගින් වැඩි කරන ලද සමෘද්ධි සහනාධාර ලබා දිමේ වැඩ සටහනක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු රමේෂ්වරන් මහතා රට තුල විවිධ ආර්ථික ප්‍රශ්න තිබුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්  මැතිවරණ පොරෝන්දු එකින් එක ඉටු කරමින් සිටිනවා.

එහි එක් පොරෝන්දුවක් තමයි මේ සමෘද්ධිලාභින්ගේ ආර්ථික තත්වයන් වැඩි දියුනු කිරිම එම තත්වයන් මත මෙසේ සමෘද්ධි සහනාධාර වැඩි කිරිම මෙන්ම ඔබලාගේ ආර්ථික තත්වයන් වර්ධනය කිරිමටත් මේ රජය පියවර ගෙනතිබෙනවා.

ලංකාවේ ලක්ෂ 14කට පමන මෙම සමෘද්ධි සහනාධාර වැඩි කිරිම සදහා ජනාධිපතිගේ උපදෙස් මත මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට පියවර ගෙන තිබෙනවා මෙය සමහර විට විපක්ෂයට සුලු මුදලක් වෙන්න පුලුවන්.

මොකද අද විපක්ෂය මේ රජය කරන හැම දෙයක්ම වැරදියටයි බලන්නේ විපක්ෂයට අවශ්‍ය විවිධ බාධා ඇති කරමින් ජනතාව රවටමින් මේ රජයේ ඉදිරි ගමන කඩා දැමිමටයි එත් මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ රජය මේ රටේ ජනතාවගේ යහපත සදහා සිදු කරන සේවාවන්.

මේ වන විට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් පලාත් පාලන ආයතනවල පක්ෂ විපක්ෂ සියලුම මංත්‍රිවරුන් සදහා රුපියල් ලක්ෂ හතලිහ බැගින් වෙන් කර දිමට පියවර ගෙන තිබෙනවා එම පලාත්වල සංවර්ධන කටයුතු සදහා.

මේ රජය  මෙම සියලු කටයුතු සිදු කරන්නේ මේ රටේ ජනතාවගේ යහපත සදහායි එය අද වන විට විපක්ෂයේ අයට බලා ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.

මෙහිදි අඹගමුව ප්‍රාදේශිය ලේකම් රුවන් සිතාරා ගමගේ මහත්මිය ඇතුළු කිප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts