සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්

exam results 2020 grade 5

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සදහා ලබාදී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සදහන් කළේ මෙතෙක් අයදුම්කර නොමැති සිසුන්ට අද දිනයේ අයදුම් කිරිමේ හැකියාව පවතින බවය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මෙන්ම නිල ජංගම දුරකතන යෙදවුම ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු අතර රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලන නාම හා මුරපද භාවිතා කර අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts